බ්ලුටූත් තාක්‍ෂණය සොයා ගන්නේ මීට අවුරුදු 23 කට කලින් ඒ 1994 දී එවකට Ericsson සමාගමට වැඩ කල ආචාර්ය ජෑප් හාට්සන් UHF රේඩියෝ තරංග ඇසුරින් කෙටි දුරකට දත්ත හුවමාරු කිරීමේ තාක්‍ෂණය සොයා ගැනීමත් සමගයි.
සොයා ගත් මුල් අවධියේදී MC හෙවත් Multi Communicator link කියා හැඳින්වූ මේ තාක්‍ෂණයට බ්ලුටූත් යන නම යොදන්නේ ඵෙතිහාසික සිදියක් පසුබිම් කරගෙනයි.1994 දී මේ තාක්‍ෂණය සොයා ගන්නේ Sweden වල Lund හි පිහිටි Ericsson පර්යේෂණාගාරයේ සිටයි. වර්ෂ 958 දී ඩෙන්මාර්කයේ හෙරල්ඩ් බ්ලුටූත් නම් රජෙක් සිටියේය ඔහු ඩෙන්මාර්ක හා නොර්වේ රටෙන් කොටසක් පාලනය කළේය.ඔහු ඩෙන්මාර්කයේ සතුරුව සිටි ගෝත්‍රික කණ්ඩායම් රාශියක් එක්සත් කළේය ගෝත්‍රිකන් එක්සත් වූ ප්‍රදේශයේ පර්යේෂණාගාරය පිහිටා තිබීමත් ගෝත්‍රිකයන එක්සත් කලේ හෙරල්ඩ් බ්ලුටූත් රජු නිසාත් ආචාර්ය ජෑප් හාට්සන් සොයා ගත් Multi Communicator link තාක්‍ෂණය මගින් එක්ව ගනුදෙනු කල නොහැකිව තිබු උපාංග ගණනාවක් සමගිව වැඩ කරන්නට එක්කිරීමට හැකි වූ නිසාත් මෙම නව තාක්‍ෂණය බ්ලුටූත් කියා නම් කළේය.
බ්ලුටූත් තාක්‍ෂණය ගැන ලිපිය කියවන්න මෙතනින් යන්න

No comments:
Post a Comment