අන්තර්ජාලය බිහිවන්නේ එක් තැනක සිට තවත් තැනකට දත්ත යැවීමේ සහ ගෙන්වීමේ
තාක්‍ෂණය Vint Gray Cerf විසින් සොයා ගැනීමත් සමගයි. එතැන් ඊට ආරම්භ වූ දත්ත හුවමාරු කිරීමේ තාක්‍ෂණය විවිධාකාරයෙන් දියුණු කර ලෝකයාට ඉදිරිපත් කරන්නට නිර්මාණ කරුවන්ට , විද්‍යාඥයන්ට හැකි විය. 18වන සියවසේ දී Radio තරංග උපයෝගී කරගනිමින් දියුණු කිරීම ආරම්භ කල රැහැන් රහිත දත්ත සම්ප්‍රේෂණ තාක්‍ෂණය මේ වන විට ඉතා දියුණු මට්ටමක පවතී.
අද වන විට ලොව සියලු දෙනාගේම පාහේ අවධානය යොමුව පවතින්නේ රැහැන් රහිතව දත්ත හුවමාරු කිරිමේ තාක්‍ෂණික ක්‍රමවේදයන් සඳහා වේ. එක තැනක සිට තවත් තැනකට තොරතුරු යැවීම සඳහා යොදාගන්නා නවතම තාක්‍ෂණය හඳුන්වන්නේ Li-Fi (light Fidelity)කියායි. 2011 වසරේදී TIME සඟරාව නවෝත්පාදනය ලැයිස්තුගත
කිරීමේදී Li-Fi තාක්‍ෂණය 50 වන ලොව හොදම නවෝත්පාදනය ලෙස නම් කර තිබේ.සාමාන්‍ය ගේ දොර භාවිතයට යොදාගන්නා LED බල්බයකට මයික්‍රෝ චිපයක් සම්බන්ධ කර එම බල්බය දත්ත මුදාහරින රව්ටරය ලෙස ක්‍රියාත්මක කරීම මෙහිදී සිදු කරයි. දෘශ්‍ය ආලෝකය සන්නිවේදන මාධ්‍ය ලෙස යොදාගනී. මේ නිසාම මෙම තාක්‍ෂණය සාමාන්‍ය ව්‍යවහාරයේ දී හදුන්වන්නේ VLC- Visible Light Communication ලෙසටයි. Li-Fi තාක්‍ෂණය ලොවට දායාද කරන්නේ නව තාක්‍ෂණික නිර්මාණ 31 කට පේටන් බලපත්‍ර හිමි ජර්මානු ජාතිකක නව නිර්මාණ කරුවක් වන මහාචාර්ය හැරල් හෑස් ය.
මහාචාර්ය හැරල් හෑස්
ඔහු බ්‍රිතාන්‍යයේ එඩින්බරෝවිශ්වවිද්‍යාලයේ ඩිජිටල් සන්නිවේදනය පිලිබඳ මහාචාර්ය වරයෙකි.නව සන්නිවේදනය තාක්‍ෂණික සොයාගැනීම් රාශියක් සිදුකල ඔහු ඒ සොයා ගැනීම් සියල්ල සිදු කරනුයේ බ්‍රිතාන්‍යයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ ඇලෙක්සැන්ඩර් ග්‍රෙහැම් බෙල් ගොඩනැගිල්ලේ පර්යේෂණාගාරයක සිටයි. එයත් දෛවෝපගතය ආලෝකය යොදාගෙන දත්ත සම්ප්‍රේෂණය සිදු කල හැකි බව මුලින්ම පෙන්වාදුන්නේ ඇලෙක්සැන්ඩර් ග්‍රෙහැම් බෙල්ය.ඒ 1880 දී පමණය එම සංකල්පය LED බල්බයක් යොදාගෙන යතාර්ථයක් කරන්නේ මහාචාර්ය හැරල් හෑස් ය.
ඩිජිටල් ආකාරයෙන් දත්ත සම්ප්‍රේෂණ කරන විට සාමාන්‍ය රැහැන් සහිත දත්ත සම්ප්‍රේෂණයකදී වුවද රැහැනක් හරහා දත්ත සම්ප්‍රේෂණය කරන්නේ "1" හා "0" යොදාගෙනයි එනම් බයිනරි දත්ත පෙළක් උපයෝගී කරගෙනයි.LED බල්බයක් දැල්වී ඇති විට තාර්කික "1"ද බල්බය නිවී පවතින අවස්ථාව "0" ද ලෙස නිරූපණය කල විට එමගින් දනිරූපණය වන්නේද බයිනරි දත්ත පෙළකි ඒ නිසා LED බල්බයක දැල්වීම සහ නිවීම පරිගණක පරිපථ වලට හඳුනාගත හැකි තත්වයට පත් කල හැකිය.මෙය වඩා පහසු වන්නේ LED බල්බයක් යනු අර්ධසන්නායක කොටස් පමණක් යොදාගෙන තනා ඇති විශේෂ පරිපථ කොටසක් වන බැවිණි. LED බල්බය දැල්වෙන වේගය එනම් දැවීම් දෙකක් අතර කාලය මෙම Li-Fi තාක්‍ෂණයේ අතිශය තීරණාත්මක සාධකයක් වේ. බල්බයේ දැල්වෙන නිවෙන වේගය මයික්‍රෝ චිපයක් ආධාරයෙන් මිනිස් ඇසකට හදුනාගත නොහැකි අකාරයට අඩු කල විට බල්බය නිවෙන දැල්වෙන බව අපට නිරීක්ෂණය නොවේ.එනිසා මෙතරම් කාලයක් රාත්‍රී අදුර දුරු කිරීමට පමණක්ම යොදාගත් LED බල්බ නිතැතින්ම දත්ත සම්ප්‍රේෂණය උපකරණ බවට පරිවර්තනය වේ.
Li-Fi Thechnology
Li-Fi තාක්‍ෂණය යොදාගෙන දත්ත හුවමාරු කලා හැකි වේගය ඉතා වැඩිය එය රදා පවතින්නේ බල්බයේ නිවී දැල්වෙන වෙගග්‍ය මතය මයික්‍රෝ චිපය ආධාරයෙන් LED බල්බය නිවී දැල්වෙන වේගය දශලක්ෂයෙන් පංගුවක් දක්වා අඩු කලා විට තත්පරයකට ගිගා බයිට් 10කට (10Gbps) වඩා වැඩි වේගයකි.එනම් HD movie එකක් ඩව්න්ලෝඩ් කිරීම් සඳහා ගත වන්නේද තත්පර 30කි.
Li-Fi තාක්‍ෂණය යොදාගෙන උපාංග නිපදවන ලොව ප්‍රදනතම සමගම වන්නේ බ්‍රිතාන්‍යයේ Pure Li-Fi සමාගමයි.
වීදි සහ පරිසරය ආලෝකමත් කිරීමට භාවිත කරන බල්බ වලින්ම Li-Fi ජාල පිහිටුවිය හැකි නිසා වෙනම වියදමක් අවශ්‍ය නොවන නිසාත් Li-Fi යනු පෙර නොතිබූ ලභාදායිම දත්ත සම්ප්‍රේෂණ තාක්‍ෂණයයි.



