අපි අද භාවිතා කරන සෑම ඩිජිටල් උපකරනයකම
පාහේ බ්ලුටූත් පහසුකම ඇත ඊට ප්‍රධානතම හේතුව වන්නේ ඕනෑම උපකරණ දෙකක් හෝ ඊට වැඩි
ගණනක් එකම වේලාවකදී එකිනෙකට අතර කිසිම පටලැවිල්ලක් නැතිව පහසුවෙන් දත්ත හුවමාරු කර ගැනීමට ඇති
හැකියාවයි. බ්ලුටූත් පහසුකම තියෙන ඕනිම උපාංගයක් භාවිත කරන ඔයාලත් මේ පහසුකම අත්විද ඇතුවාට කිසිම සැකයක්
නැ.ඒ තරමටම බ්ලුටූත් තාක්‍ෂණය අපට හුරුපුරුදු
දෙයක් බවට පත් වෙලා අවසානයි.
එතරම් පහසුවෙන් වැඩ ගත හැකි මේ බ්ලුටූත් තාක්‍ෂණය හොයා ගත්තේ කව්ද?බ්ලුටූත් කියන නම ලැබුනේ කොහොමද කියලා අපි කලින් ලිපියකින් කතා කලා ඒ ලිපිය කියෙව්වේ නැත්තම්,
ඒ ලිපිය කියවලා අවොත් ඔයාලට පහසුවක් වෙයි.
මේ ලිපියෙන් බ්ලුටූත් තාක්‍ෂණයේ තාක්‍ෂණික පසුබිම වගේම මේ තාක්‍ෂණය නියාමනය වෙන ආකාරය පිළිබද විස්තර කරන්නම්. මේ ලිපිය දිගටම කියවන එක නම් ඔයාලට වටිනා දෙයක් වෙයි.
බ්ලුටූත් තාක්‍ෂණය ඊට පෙර භාවිතා කළ රැහැන්
රහිත කෙටිදුර දත්ත සම්ප්‍රේෂණයට භාවිතා කල IR තාක්‍ෂණය වගේ නෙවෙයි දත්ත හුවමාරුවේදී රේඛිය
එනම් උපාංග දෙක හරි කෙලින් පිහිටුවීමේ අවශ්‍යතාවයක් නැහැ. උපාංග දෙක තියෙන්නේ බ්ලුටූත්
සන්නිවේදනය පැතිර පවතින සීමාවේ නම් උපාංග දෙක අතර කොන්ක්‍රීට් බාධකයක් තිබුනත්
ගැටළුවක් ඇති වන්නේ නැහැ. බ්ලුටූත් සන්නිවේදන පැතිර පවතින ප්‍රදේශය මීටර 100ක් පමණ
වන අතර මීටර 60ක් තරමේ දුරක් සාර්ථකව දත්ත සම්ප්‍රේෂණය කල පුළුවන්. බ්ලුටූත්
සන්නිවේදනය සදහා යොදාගන්නේ අඩුබල රේඩියෝ තරංගයි. එය ගිගා හර්ට්ස් 2.402 සිට ගිගා හර්ට්ස් 2.480 ක (2.402GHz -2.480GHz) සංඛයාතයක් ඇති රේඩියෝ තරංග පරාසය යොදා ගනී. බ්ලුටූත් තාක්ෂණය
යොදාගෙන දත්ත හුවමාරු වන වේගය, භාවිත කරන බ්ලුටූත් සංස්කරණය අනුව වෙනස් වෙනවා .අද වන විට බ්ලුටූත් වල 5 වන තාක්‍ෂණික මදිලියත් එළිදක්වා අවසන්. 2010 ජුනි 30 වෙනිදා එලි දැක්වූ bluetooth 4.0 තාක්‍ෂණික ප්‍රමිතියේදී low energy (LE) තාක්‍ෂණය එක් කල ඇති දැන් බ්ලුටූත් තාක්‍ෂණය බ්ලුටූත් ස්මාර්ට් ලෙස හදුන්වයි.බ්ලුටූත් මගින් දත්ත හුවමාරු කරන විට අනෙකුත් උපාංග වල දත්ත සම්ප්‍රේෂණයට බාධා ඇති නොවීමට භාවිත කරනු ලබන්නේ මිලි වොට් 1 ක (1mW) තරමේ කුඩා සංඥා ය මීට අමතරව බ්ලුටූත් වලදී තවත් උපක්‍රමයක් භාවිතා කරයි.බ්ලුටූත් උපාංගය ක්‍රියාත්මක කල විට එය අහඹු ලෙස තෝරාගත් සංක්‍යාත 79කට එකින් එක වෙනස් වෙමින් ක්‍රියාත්මක වේ,මෙය ඉතා වේගයෙන් සිදු වේ කෙතරම් වෙගවත්දයි කිවහොත් තත්පරයකට 1600 වතාවක් සංක්‍යාතය මාරු කරගැනී ඒ නිසා වෙනත් උපකරණයකට බාධා විය හැකි වෙලාවක් මෙම බුලුටූත් තරංග පවතින්නේ නැත බාධා උනත් එය අපට දැනෙන්නේ ද නැත.දුර්වල රේඩියෝ තරංග යොදා ගන්නා නිසා බ්ලුටූත් තාක්‍ෂණය ක්‍රියාත්මක වන ස්ථානයක සිටින පුද්ගලයෙකුට බ්ලුටූත් මගින් දත්ත සම්ප්‍රේෂණයෙදී ගොඩ නැගෙන රෙඩියෝ තරංග ජාලය මගින් ඔහුගේ සෞඛ්‍යයට හානියක් නොවන බව කියයි.
බ්ලුටූත්
තාක්‍ෂණයටත් අනෙක් තාක්‍ෂණයන්ට වගේම ජාත්‍යන්තර ප්‍රමිතිකරණයක් පවතිනවා. එම ප්‍රමිතිකරණය නියාමනය කරන්නේ ඇමෙරිකාවේ ඉලෙක්ට්‍රිකල් සහ
ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු ආයතනය (IEEE) මගිනි. එත් බ්ලුටූත් තාක්‍ෂණික සංස්කරණ හදුන්වා දෙන්නේ බ්ලුටූත් Special Interest Group (SIG) ආයතනය විසිනි එය අරමුදල් වලින් යැපෙන ලාභ නොලබන ආයතනයක් මේ ආයතනය පිහිටුවන්නේ 1998 සැප්තැම්බර් මාසයේ දී .බ්ලුටූත් තාක්ෂණයේ කෙරෙන වෙනස්කම් වල අවසන් තීරණ ගනු ලබන්නේ මේ ආයතනයයි. SIG මුලස්ථානය වොෂින්ටන් වල පිහිටා ඇත. මේ SIG ආයතනය බ්ලුටූත් තාක්ෂණයට අදාලව කිසිම නිෂ්පාදනයක් හෝ කිසිදු ප්‍රවර්දන කටයුත්තක් සිදු නොකරන අතර බ්ලුටූත් තාක්ෂණය යොදාගෙන උපාංග නිෂ්පාදනය කරන සමාගම් 20 000 කට වැඩි ගනනකට සමාජිකත්වක් ලබා දී ඔවුන් නිෂ්පාදනය කරන උපාංග සහ දියුණු කරන තාක්‍ෂණය නියමිත ප්‍රමිතියට පවත්වාගෙන යාම මෙහෙයවනවා . බ්ලුටූත් නිෂ්පාදන වල අයිතිය SIG සමාගමට නැති වුවත් බ්ලුටූත් වෙළඳ සලකුණු වල හිමිකාරීත්වය තියෙන්නේ SIG සමාගමට. කිසියම් සමාගමකට බ්ලුටූත් තාක්‍ෂණය තමන්ගේ නිෂ්පාදනයකට එකතු කරන්න අවශ්‍ය නම් SIG හි සාමාජිකත්වය ගැනීම අනිවාර්යය වේ.මෙහි සාමාජිකත්වය
- Promoter Member
- Associate Member
- Adopter Member
- individuals
- Universities ලෙස වේ.
මේ සමාගමේ ආරම්භක සාමාජිකයන් උනේ එරික්සන්, IBM , ඉන්ටෙල්, ටොෂිබා සහ නොකියා කියන ජාත්‍යන්තර සමාගම් මේ සමාගම් වලට හිමිවෙන්නේ Promoter Member කියන සාමාජිකත්වය 1999 දී microsoft සමාගමත්, 2005 දී Lonovo සමාගමත් 2015 දී Apple සමාගමත් SIG හි Promoter Member සාමාජිකත්වය ලබාගන්නවා.මේ සම්මාගම් තමයි බ්ලුටූත් තාක්ෂණයේ උපාය මාර්ග හා තාක්‍ෂණික දිශාවන් කෙරෙහි වඩාත්ම වැඩි ක්‍රියාකාරී සාමාජිකයන් වෙන්නේ.
2006 සිට Associate සාමජිකත්වය දරණ සමාගම් වලින් එම සමාගම් වල අදායම අනුව වාර්ෂික ගාස්තුවක් අයකිරීම ආරම්භ කරනවා.වාර්ෂික අදායම ඩොලර් මිලියන 100 ඉක්මවන සමාගම් වලින් ඩොලර් 35 000 ක මුදලකුත් වාර්ෂික අදායම ඩොලර් මිලියන 100 නොඉක්මවන සමාගම් වලින් ඩොලර් 7 500 කුත් වශයෙන් ලබාගෙන බ්ලුටූත් අනුවාදන (සංස්කරණ) 0.5 සහ 0.7 වලට ඉක්මනින් ප්‍රවේශය අරගෙන ඒ අනුවාදන අඩංගු නිෂ්පාදන එළිදක්වන්න අවස්ථාව වගේම අනෙකුත් සමාගම් සමගත් ඉහත සඳහන් Promoter සමාගම් සමග එක්ව පවතින උපාංග වැඩිදියුණු කරන්න අවස්ථාවත් වැඩිදියුණු කල උපාංග අලෙවි කිරීමටත් නිෂ්පාදන සුදුසුකම් ලබන භාණ්ඩ වලින් වට්ටම් ලැබීමත් UnPl ugFest (UPF) testing සහ SIG events වලට සහභාගී වීමේ අවස්ථාවත් ලබා දෙනවා.
Adopter සාමාජිකයන්ට ගාස්තුවක් අය නොකරන අතර බ්ලුටූත් රැහැන් රහිත තාක්‍ෂණික මෙවලම් හා බ්ලුටූත් වෙළඳ සලකුණු යොදාගෙන නිෂ්පාදන එළිදැක්වීමට පමණක් හැකියාව ලබාදෙනවා.තනි පුද්ගලයන් සඳහා සාමජිකත්වය ලබා දීම දැනට විවෘත නැත . විශ්ව විද්‍යාල හා පාසල් සදහාද සමජිකත්වයන් ලබාගත හැකිය.
අද වන විට ලොව ජංගම ඉලෙක්ට්‍රොනික උපකරණ වල වැඩි වශයෙන්ම භාවිත වන තාක්‍ෂණය බවට බ්ලුටූත් පත්ව තිබෙන්නේ නොමිලේ භාවිත කල හැකි වීමත් , රැහැන් රහිතව අඩු බලශක්තියක් යොදාගෙන ක්‍රියාත්මක කරවීමට ඇති හැකියාවත්, එකවර උපාංග ගණනාවක් සම්බන්ද කල හැකිවීමත් , භාවිතය පහසු වීමත්, විශාල පරාසයක පැතිරුණු විවිධ මාදිලියේ උපාංග සමඟ පහසුවෙන් භාවිතා කල හැකිවීමත්, දත්ත හුවමාරු වීම පාලනය කල හැකිවීමත් ,සිටින ස්ථානය අවට සන්නිවේදන ජාලය ගොඩනැංවිය හැකි නිසාත් බ්ලුටූත් තාක්‍ෂණය ඉතාමත්ම ජනප්‍රියය. ඒවගේම හැකිං ප්‍රහාර එල්ල වීම , ජාලය පැතිර පවතින දුරප්‍රමාණය අඩු වීම, විශාල දත්ත ප්‍රමාණ හුවමාරුවේදී වැඩි කාලයක් ගත වීම යන කරුණු නිසා නව නිර්මාණ කරුවන් මීට වඩා හොද රැහැන් රහිත සන්නිවේදන තාක්‍ෂණයක් සොයමින් සිටී.

No comments:
Post a Comment