Monday, November 6, 2017

ව්‍යාජ WhatsApp පණිවිඩ

WhatsApp පාවිච්චි කරන ගොඩක් අයට ගිය සතියේ වගේම මේ සතියෙත් ආපු අපුරු  massage එකක් තමයි සිංගප්පූරු ගුවන් සමගම ඔවුන්ගේ 45වන සංවත්සරය නිමිති කරගෙන නොමිලේ  ලබාදෙන  පළමු පන්තියේ ගුවන් ප්‍රවේශපත්‍ර  ලබා ගැනීමට web අඩවි ලිපිනයක් සඳහන් කරමින් එයට  පිවිසෙන ලෙස පැතිර ගිය පණිවිඩය. 



මේ පණිවිඩය ඇත්තක්ද?

මේ දැක්වෙන්නේ අදාළ WhatsApp පණිවිඩයේ සඳහන් web ලිපිනයෙන් පිවිසෙන විට හා සිංගප්පූරු ගුවන් සමගමේ  නිල web අඩවියට පිවිසෙන විට ඊට අදාලව ලබාගත්  Scrceen Shot දෙක පැහැදිලිව බැලුවොත් ඔබට පෙනේවි එම web ලිපින අතර ඇති වෙනස, 

                       
ව්‍යාජ web අවවිය                                                     නිල web අවවිය


ඊට අමතරව, 
නිල web ලිපිනය       https://www.singaporeair.com/     ලෙසත් 

ව්‍යාජ web ලිපිනය    http://www.singaporealr.com/  

ලෙසටත් සටහන් වන බව. 

ව්‍යාජ web අවවිය නිර්මාණය කලා තැනැත්තා web අඩවියට අදාලව ලබා ගන්න Domain name එකේ වෙනස් කර ඇත්තේ "air"  වචනයේ   " i " වෙනුවට " l " අකුර යෙදීම සහ එම ව්‍යාජ web අඩවිය සිංගප්පූරු ගුවන් සමගමේ නිල web පිටුවට සමාන ආකාරයට නිර්මාණය කිරීමයි.ඒ නිසා වෙනස පැහැදිලිව හදුනා ගැනීමටත් අපහසුයි.ඒ නිසා මේ පණිවිඩය ලැබුන ගොඩක් අය ඒ web අඩවියට පිවිසුනා සහ අහන ප්‍රශ්න වලට පිළිතුරු දීල නැවත වරක් ඒ පණිවිඩය WhatsApp හරහා මුදා හැරියා.නමුත් ඔබට කිසිම ගුවන් ගමන් ටිකට්පතක් නම් ලැබෙන්නේ නැ.

මේ ලෙසට අපේ WhatsApp ගිණුමට ලැබෙන web ලිපින හා සම්බන්ද පණිවිඩ ඇත්ත පණිවිඩද  කියන එක දැනගන්න එක ගොඩක් ලොකු අමාරු කාරණයක් නම් නෙවෙයි.ගොඩක් වෙලාවට මේවගේ පණිවිඩ අපිට එවන්නේ අපිට විශ්වාස කරන්න බැරි දිනුම් ඇදීමක් නැත්නම් ත්‍යාගක් ගැන කියල ගොඩක් වෙලාවට අපි සම්බන්ද වෙලා ඉන්න group චැට් එකකින් නැත්නම්  අපි නොදන්නා  WhatsApp ගිණුමකින්. 

                                                        නොදන්න WhatsApp ගිණුමක් 

මේ එවන web ලිපිනයන් වල ආරම්භය https://......ලෙස සදහන් වෙලා නැ.මතක තියාගන්න ඕනි කාරණය තමයි එවන් web ලිපින වලින් web අඩවි වලට  පිවිසෙන විට ඔබ ආරක්‍ෂිත නැහැ කියන එක මෙලෙස ව්‍යාජ web අඩවි නිර්මාණය කිරීමෙන් අපේක්ෂා කරන දේත්  පැහැදිලි නැ!!!!

                
                             ආරක්‍ෂිත පිවිසුමක්                                  අනාරක්‍ෂිත පිවිසුමක්

ඒ වගේමයි කාලෙන් කාලෙට මේ වගේ WhatsApp පණිවිඩ අපි හැමෝටම එනවා හොදම දේ මොනවා දෙනවා කිව්වත් මේ web අඩවි වලට පිවිසෙන්නේ නැතුව ඉන්න එක..... 


Friday, November 3, 2017

බ්ලුටූත් තාක්‍ෂණය - Bluetooth



අපි අද භාවිතා කරන සෑම ඩිජිටල් උපකරනයකම පාහේ බ්ලුටූත් පහසුකම ඇත ඊට ප්‍රධානතම හේතුව වන්නේ ඕනෑම උපකරණ දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකම වේලාවකදී එකිනෙකට අතර කිසිම පටලැවිල්ලක් නැතිව පහසුවෙන් දත්ත හුවමාරු කර ගැනීමට ඇති හැකියාවයි. බ්ලුටූත් පහසුකම තියෙන ඕනිම උපාංගයක්  භාවිත කරන ඔයාලත්  මේ පහසුකම  අත්විද  ඇතුවාට කිසිම සැකයක් නැ.ඒ තරමටම  බ්ලුටූත් තාක්‍ෂණය අපට හුරුපුරුදු දෙයක් බවට පත් වෙලා  අවසානයි.


එතරම් පහසුවෙන් වැඩ ගත හැකි මේ  බ්ලුටූත්  තාක්‍ෂණය හොයා ගත්තේ කව්ද?බ්ලුටූත් කියන නම ලැබුනේ කොහොමද කියලා  අපි කලින් ලිපියකින් කතා කලා ඒ ලිපිය කියෙව්වේ නැත්තම්,
                                                                   මෙතනින් ගිහින්  
ඒ ලිපිය කියවලා අවොත් ඔයාලට පහසුවක් වෙයි.


මේ ලිපියෙන් බ්ලුටූත් තාක්‍ෂණයේ තාක්‍ෂණික පසුබිම වගේම මේ තාක්‍ෂණය නියාමනය වෙන ආකාරය  පිළිබද විස්තර කරන්නම්.  මේ ලිපිය දිගටම කියවන එක නම් ඔයාලට වටිනා  දෙයක් වෙයි.

බ්ලුටූත් තාක්‍ෂණය ඊට පෙර භාවිතා කළ රැහැන් රහිත කෙටිදුර දත්ත සම්ප්‍රේෂණයට භාවිතා කල IR තාක්‍ෂණය වගේ නෙවෙයි දත්ත හුවමාරුවේදී රේඛිය එනම් උපාංග දෙක හරි කෙලින් පිහිටුවීමේ අවශ්‍යතාවයක් නැහැ. උපාංග දෙක තියෙන්නේ බ්ලුටූත් සන්නිවේදනය පැතිර පවතින සීමාවේ නම් උපාංග දෙක අතර කොන්ක්‍රීට් බාධකයක් තිබුනත් ගැටළුවක් ඇති වන්නේ නැහැ. බ්ලුටූත් සන්නිවේදන පැතිර පවතින ප්‍රදේශය මීටර 100ක් පමණ වන අතර මීටර 60ක් තරමේ දුරක් සාර්ථකව දත්ත සම්ප්‍රේෂණය කල පුළුවන්. බ්ලුටූත් සන්නිවේදනය සදහා යොදාගන්නේ අඩුබල රේඩියෝ තරංගයි. එය ගිගා හර්ට්ස් 2.402 සිට  ගිගා හර්ට්ස් 2.480 ක (2.402GHz -2.480GHz) සංඛයාතයක්  ඇති රේඩියෝ තරංග පරාසය යොදා ගනී. බ්ලුටූත් තාක්‍ෂණය යොදාගෙන දත්ත හුවමාරු වන වේගය, භාවිත කරන බ්ලුටූත් සංස්කරණය අනුව වෙනස් වෙනවා .අද වන විට බ්ලුටූත් වල 5 වන තාක්‍ෂණික මදිලියත් එළිදක්වා අවසන්. 2010 ජුනි 30 වෙනිදා එලි දැක්වූ bluetooth 4.0 තාක්‍ෂණික ප්‍රමිතියේදී low energy (LE) තාක්‍ෂණය එක් කල ඇති දැන් බ්ලුටූත් තාක්‍ෂණය බ්ලුටූත් ස්මාර්ට් ලෙස හදුන්වයි.බ්ලුටූත් මගින් දත්ත හුවමාරු කරන විට අනෙකුත් උපාංග වල දත්ත සම්ප්‍රේෂණයට බාධා ඇති නොවීමට භාවිත කරනු ලබන්නේ මිලි වොට් 1 ක (1mW) තරමේ කුඩා සංඥා ය මීට අමතරව බ්ලුටූත් වලදී තවත් උපක්‍රමයක් භාවිතා කරයි.බ්ලුටූත් උපාංගය ක්‍රියාත්මක කල විට එය අහඹු ලෙස තෝරාගත් සංක්‍යාත 79කට එකින් එක වෙනස් වෙමින් ක්‍රියාත්මක වේ,මෙය ඉතා වේගයෙන් සිදු වේ කෙතරම් වෙගවත්දයි කිවහොත් තත්පරයකට 1600 වතාවක් සංක්‍යාතය මාරු කරගැනී ඒ නිසා වෙනත් උපකරණයකට බාධා විය හැකි වෙලාවක් මෙම බුලුටූත් තරංග පවතින්නේ නැත බාධා උනත් එය අපට දැනෙන්නේ ද නැත.දුර්වල රේඩියෝ තරංග යොදා ගන්නා නිසා බ්ලුටූත් තාක්‍ෂණය ක්‍රියාත්මක වන ස්ථානයක සිටින පුද්ගලයෙකුට බ්ලුටූත් මගින් දත්ත සම්ප්‍රේෂණයෙදී ගොඩ නැගෙන රෙඩියෝ තරංග ජාලය මගින්  ඔහුගේ සෞඛ්‍යයට හානියක් නොවන බව කියයි.

බ්ලුටූත් තාක්‍ෂණයටත් අනෙක් තාක්‍ෂණයන්ට වගේම ජාත්‍යන්තර ප්‍රමිතිකරණයක් පවතිනවා. එම ප්‍රමිතිකරණය  නියාමනය කරන්නේ ඇමෙරිකාවේ ඉලෙක්ට්‍රිකල් සහ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු ආයතනය (IEEE) මගිනි. එත්  බ්ලුටූත් තාක්‍ෂණික සංස්කරණ හදුන්වා දෙන්නේ බ්ලුටූත් Special Interest Group (SIG)  ආයතනය විසිනි එය අරමුදල් වලින් යැපෙන ලාභ නොලබන ආයතනයක් මේ ආයතනය පිහිටුවන්නේ 1998 සැප්තැම්බර් මාසයේ දී  .බ්ලුටූත් තාක්ෂණයේ කෙරෙන වෙනස්කම් වල අවසන් තීරණ ගනු ලබන්නේ මේ ආයතනයයි. SIG මුලස්ථානය වොෂින්ටන් වල පිහිටා ඇත. මේ SIG ආයතනය බ්ලුටූත් තාක්ෂණයට අදාලව කිසිම නිෂ්පාදනයක් හෝ කිසිදු ප්‍රවර්දන කටයුත්තක් සිදු නොකරන අතර බ්ලුටූත් තාක්ෂණය යොදාගෙන උපාංග නිෂ්පාදනය කරන සමාගම් 20 000 කට වැඩි ගනනකට සමාජිකත්වක් ලබා දී ඔවුන් නිෂ්පාදනය කරන උපාංග සහ දියුණු කරන තාක්‍ෂණය නියමිත ප්‍රමිතියට පවත්වාගෙන යාම මෙහෙයවනවා . බ්ලුටූත්  නිෂ්පාදන වල අයිතිය SIG සමාගමට නැති වුවත් බ්ලුටූත් වෙළඳ සලකුණු වල හිමිකාරීත්වය තියෙන්නේ  SIG සමාගමට. කිසියම්  සමාගමකට බ්ලුටූත් තාක්‍ෂණය තමන්ගේ නිෂ්පාදනයකට එකතු කරන්න  අවශ්‍ය නම් SIG හි සාමාජිකත්වය ගැනීම අනිවාර්යය වේ.මෙහි සාමාජිකත්වය 
  • Promoter Member
  • Associate Member
  • Adopter Member
  • individuals 
  • Universities ලෙස වේ.

මේ සමාගමේ ආරම්භක සාමාජිකයන් උනේ එරික්සන්, IBM , ඉන්ටෙල්, ටොෂිබා සහ නොකියා කියන ජාත්‍යන්තර  සමාගම් මේ සමාගම් වලට හිමිවෙන්නේ Promoter Member කියන සාමාජිකත්වය 1999 දී microsoft සමාගමත්, 2005 දී Lonovo සමාගමත් 2015 දී Apple සමාගමත් SIG හි Promoter Member සාමාජිකත්වය ලබාගන්නවා.මේ සම්මාගම් තමයි බ්ලුටූත් තාක්ෂණයේ උපාය මාර්ග හා තාක්‍ෂණික දිශාවන් කෙරෙහි  වඩාත්ම වැඩි ක්‍රියාකාරී සාමාජිකයන් වෙන්නේ. 

2006 සිට Associate සාමජිකත්වය දරණ සමාගම් වලින් එම සමාගම් වල අදායම අනුව වාර්ෂික ගාස්තුවක් අයකිරීම ආරම්භ කරනවා.වාර්ෂික අදායම ඩොලර් මිලියන 100 ඉක්මවන සමාගම් වලින් ඩොලර් 35 000 ක මුදලකුත්  වාර්ෂික අදායම ඩොලර් මිලියන 100 නොඉක්මවන සමාගම් වලින් ඩොලර් 7 500 කුත් වශයෙන් ලබාගෙන බ්ලුටූත් අනුවාදන (සංස්කරණ)  0.5 සහ 0.7  වලට ඉක්මනින් ප්‍රවේශය අරගෙන ඒ අනුවාදන අඩංගු නිෂ්පාදන එළිදක්වන්න  අවස්ථාව වගේම අනෙකුත් සමාගම් සමගත් ඉහත සඳහන් Promoter සමාගම් සමග එක්ව පවතින උපාංග වැඩිදියුණු කරන්න අවස්ථාවත් වැඩිදියුණු කල උපාංග අලෙවි කිරීමටත් නිෂ්පාදන සුදුසුකම් ලබන භාණ්ඩ වලින් වට්ටම් ලැබීමත්  UnPl ugFest (UPF) testing සහ SIG events වලට සහභාගී වීමේ අවස්ථාවත් ලබා දෙනවා. 

Adopter සාමාජිකයන්ට ගාස්තුවක් අය නොකරන අතර බ්ලුටූත් රැහැන් රහිත තාක්‍ෂණික මෙවලම් හා බ්ලුටූත් වෙළඳ සලකුණු යොදාගෙන නිෂ්පාදන එළිදැක්වීමට පමණක්  හැකියාව ලබාදෙනවා.තනි පුද්ගලයන් සඳහා සාමජිකත්වය  ලබා දීම දැනට විවෘත නැත . විශ්ව විද්‍යාල හා පාසල් සදහාද සමජිකත්වයන් ලබාගත හැකිය.

අද වන විට ලොව ජංගම ඉලෙක්ට්‍රොනික උපකරණ වල  වැඩි වශයෙන්ම  භාවිත වන තාක්‍ෂණය බවට බ්ලුටූත් පත්ව තිබෙන්නේ නොමිලේ භාවිත කල හැකි වීමත් , රැහැන් රහිතව අඩු බලශක්තියක් යොදාගෙන  ක්‍රියාත්මක කරවීමට ඇති හැකියාවත්, එකවර උපාංග ගණනාවක් සම්බන්ද කල හැකිවීමත් , භාවිතය පහසු වීමත්, විශාල පරාසයක පැතිරුණු විවිධ මාදිලියේ උපාංග සමඟ පහසුවෙන් භාවිතා කල හැකිවීමත්, දත්ත හුවමාරු වීම පාලනය කල හැකිවීමත් ,සිටින ස්ථානය අවට සන්නිවේදන ජාලය ගොඩනැංවිය හැකි නිසාත් බ්ලුටූත් තාක්‍ෂණය ඉතාමත්ම ජනප්‍රියය. ඒවගේම හැකිං ප්‍රහාර එල්ල වීම , ජාලය පැතිර පවතින දුරප්‍රමාණය අඩු වීම, විශාල දත්ත ප්‍රමාණ හුවමාරුවේදී වැඩි කාලයක් ගත වීම යන කරුණු නිසා නව නිර්මාණ කරුවන් මීට වඩා හොද රැහැන් රහිත සන්නිවේදන තාක්‍ෂණයක් සොයමින් සිටී.   







Thursday, November 2, 2017

බ්ලුටූත් තාක්‍ෂණයේ උපත සහ බ්ලුටූත් ලෙස නම ලැබීම - Bluetooth

බ්ලුටූත් තාක්‍ෂණයේ පහසුව ඔබ අපි සෑම දෙනාම වර්තමානයේදීත් අත්විදින අද්විතීය සොයා ගැනීමක් මේ කෙටි සටහන බ්ලුටූත් තාක්‍ෂණයේ උපත පිළිබඳවයි.


බ්ලුටූත් තාක්‍ෂණය සොයා ගන්නේ මීට අවුරුදු 23 කට කලින් ඒ 1994 දී එවකට Ericsson සමාගමට වැඩ කල ආචාර්ය ජෑප් හාට්සන් UHF රේඩියෝ තරංග ඇසුරින් කෙටි දුරකට දත්ත හුවමාරු කිරීමේ තාක්‍ෂණය සොයා ගැනීමත් සමගයි.

ආචාර්ය ජෑප් හාට්සන්
 

උපාංග ගණනාවක් එකතු කරගෙන එක ලෙස වැඩ කල හැකි වූ නිසා මෙය අද්විතීය සොයා ගැනීමක් විය.ඒ කාලය වන විට කිසිදු රැහැන් රහිත සන්නිවේදන ක්‍රමවේදයකට මේ තරම් පහසුවෙන් උපාංග ගණනාවක් එක ලෙස පසසුවෙන් සම්බන්ද කිරීමේ හැකියාව නොතිබුණි.

සොයා ගත් මුල් අවධියේදී MC හෙවත් Multi Communicator link කියා හැඳින්වූ මේ තාක්‍ෂණයට බ්ලුටූත් යන නම යොදන්නේ ඵෙතිහාසික සිදියක් පසුබිම් කරගෙනයි.1994 දී මේ තාක්‍ෂණය සොයා ගන්නේ Sweden වල Lund හි පිහිටි Ericsson පර්යේෂණාගාරයේ සිටයි. වර්ෂ 958 දී ඩෙන්මාර්කයේ හෙරල්ඩ් බ්ලුටූත් නම් රජෙක් සිටියේය ඔහු ඩෙන්මාර්ක හා නොර්වේ රටෙන් කොටසක් පාලනය කළේය.ඔහු ඩෙන්මාර්කයේ සතුරුව සිටි ගෝත්‍රික කණ්ඩායම් රාශියක් එක්සත් කළේය ගෝත්‍රිකන් එක්සත් වූ ප්‍රදේශයේ පර්යේෂණාගාරය පිහිටා තිබීමත් ගෝත්‍රිකයන එක්සත් කලේ හෙරල්ඩ් බ්ලුටූත් රජු නිසාත් ආචාර්ය ජෑප් හාට්සන් සොයා ගත් Multi Communicator link තාක්‍ෂණය මගින් එක්ව ගනුදෙනු කල නොහැකිව තිබු උපාංග ගණනාවක් සමගිව වැඩ කරන්නට එක්කිරීමට හැකි වූ නිසාත් මෙම නව තාක්‍ෂණය බ්ලුටූත් කියා නම් කළේය.



බ්ලුටූත් තාක්‍ෂණය ගැන  ලිපිය කියවන්න   මෙතනින්  යන්න

Monday, October 30, 2017

එලිය වැටෙන ඕනෑම තැනකදී අන්තර්ජාල සම්බන්ධතාවය ලබා ගත හැකි ලයි-ෆයි තාක්‍ෂණය - Li-Fi Thechnology


අන්තර්ජාලය බිහිවන්නේ  එක් තැනක සිට තවත් තැනකට දත්ත යැවීමේ සහ ගෙන්වීමේ
තාක්‍ෂණය Vint Gray Cerf විසින් සොයා ගැනීමත් සමගයි. එතැන් ඊට ආරම්භ වූ  දත්ත හුවමාරු කිරීමේ තාක්‍ෂණය විවිධාකාරයෙන් දියුණු කර ලෝකයාට ඉදිරිපත් කරන්නට නිර්මාණ කරුවන්ට , විද්‍යාඥයන්ට හැකි විය. 18වන සියවසේ දී Radio තරංග උපයෝගී කරගනිමින් දියුණු කිරීම ආරම්භ කල රැහැන් රහිත දත්ත සම්ප්‍රේෂණ තාක්‍ෂණය මේ වන විට  ඉතා දියුණු මට්ටමක පවතී.
  
අද වන විට ලොව සියලු දෙනාගේම පාහේ අවධානය යොමුව පවතින්නේ රැහැන් රහිතව දත්ත හුවමාරු කිරිමේ තාක්‍ෂණික ක්‍රමවේදයන් සඳහා වේ. එක තැනක සිට තවත් තැනකට තොරතුරු යැවීම සඳහා යොදාගන්නා නවතම තාක්‍ෂණය හඳුන්වන්නේ Li-Fi (light Fidelity)කියායි. 2011 වසරේදී  TIME සඟරාව නවෝත්පාදනය ලැයිස්තුගත
කිරීමේදී  Li-Fi තාක්‍ෂණය 50 වන ලොව හොදම  නවෝත්පාදනය  ලෙස නම්  කර තිබේ.සාමාන්‍ය ගේ දොර භාවිතයට යොදාගන්නා LED බල්බයකට මයික්‍රෝ චිපයක්  සම්බන්ධ කර එම බල්බය දත්ත මුදාහරින රව්ටරය ලෙස ක්‍රියාත්මක කරීම මෙහිදී සිදු කරයි. දෘශ්‍ය ආලෝකය සන්නිවේදන මාධ්‍ය ලෙස යොදාගනී. මේ නිසාම මෙම තාක්‍ෂණය සාමාන්‍ය ව්‍යවහාරයේ දී  හදුන්වන්නේ VLC- Visible Light Communication ලෙසටයි. Li-Fi තාක්‍ෂණය ලොවට දායාද කරන්නේ නව තාක්‍ෂණික නිර්මාණ 31 කට පේටන් බලපත්‍ර හිමි ජර්මානු ජාතිකක නව නිර්මාණ කරුවක් වන  මහාචාර්ය හැරල් හෑස් ය.

                                                            මහාචාර්ය හැරල් හෑස්


ඔහු  බ්‍රිතාන්‍යයේ එඩින්බරෝවිශ්වවිද්‍යාලයේ ඩිජිටල් සන්නිවේදනය පිලිබඳ මහාචාර්ය වරයෙකි.නව සන්නිවේදනය තාක්‍ෂණික සොයාගැනීම් රාශියක් සිදුකල ඔහු ඒ සොයා ගැනීම් සියල්ල සිදු කරනුයේ  බ්‍රිතාන්‍යයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ ඇලෙක්සැන්ඩර් ග්‍රෙහැම් බෙල් ගොඩනැගිල්ලේ පර්යේෂණාගාරයක සිටයි. එයත් දෛවෝපගතය ආලෝකය යොදාගෙන දත්ත සම්ප්‍රේෂණය සිදු කල  හැකි බව මුලින්ම පෙන්වාදුන්නේ ඇලෙක්සැන්ඩර් ග්‍රෙහැම් බෙල්ය.ඒ 1880 දී පමණය එම සංකල්පය LED බල්බයක් යොදාගෙන යතාර්ථයක් කරන්නේ  මහාචාර්ය හැරල් හෑස් ය.


ඩිජිටල් ආකාරයෙන් දත්ත සම්ප්‍රේෂණ කරන විට  සාමාන්‍ය රැහැන් සහිත දත්ත සම්ප්‍රේෂණයකදී වුවද රැහැනක් හරහා දත්ත සම්ප්‍රේෂණය කරන්නේ "1" හා "0" යොදාගෙනයි එනම් බයිනරි දත්ත පෙළක් උපයෝගී කරගෙනයි.LED බල්බයක් දැල්වී ඇති විට තාර්කික "1"ද බල්බය නිවී පවතින අවස්ථාව "0" ද ලෙස  නිරූපණය කල විට එමගින් දනිරූපණය වන්නේද බයිනරි දත්ත පෙළකි ඒ නිසා LED බල්බයක දැල්වීම සහ නිවීම පරිගණක පරිපථ වලට හඳුනාගත හැකි තත්වයට පත් කල හැකිය.මෙය වඩා පහසු වන්නේ LED බල්බයක් යනු අර්ධසන්නායක කොටස් පමණක් යොදාගෙන තනා  ඇති විශේෂ පරිපථ  කොටසක් වන බැවිණි. LED බල්බය දැල්වෙන වේගය එනම් දැවීම් දෙකක් අතර කාලය මෙම Li-Fi තාක්‍ෂණයේ  අතිශය තීරණාත්මක සාධකයක් වේ. බල්බයේ දැල්වෙන නිවෙන වේගය මයික්‍රෝ චිපයක් ආධාරයෙන් මිනිස් ඇසකට හදුනාගත නොහැකි අකාරයට අඩු කල විට බල්බය නිවෙන දැල්වෙන බව අපට නිරීක්ෂණය නොවේ.එනිසා  මෙතරම් කාලයක් රාත්‍රී අදුර දුරු කිරීමට පමණක්ම යොදාගත් LED බල්බ නිතැතින්ම දත්ත සම්ප්‍රේෂණය උපකරණ බවට පරිවර්තනය වේ.

Li-Fi යනු වඩා වේගවත් bi-directional (දෙපැත්තටම) ජාල ගත, ආලෝකය යොදාගෙන දත්ත සම්ප්‍රේෂණය කරනජංගම සන්නිවේදන තාක්‍ෂණයයි.අන්තර්ජාලයට හෝ පරිගණක ජාලයකට සම්බන්ද වී ඇති කේබලයක් transceiver සම්බන්ද කරයි එහිදී දත්ත ආලෝකය හරහා යැවීමට සුදුසු තත්ත්වයට පත් කරයි දැන් මෙම transceiver යෙන් පිටතට පැමිණෙන්නේ විදුලිය සමඟ දත්ත ඇති වයරයකි එය LED බල්බයට සම්බන්ද කරයි. දැන් LED බල්බයෙන් නික්මෙන්නේ අන්තර්ජාල සම්බන්ධතාවය සහිත  ආලෝකයයි .මෙය අපගේ උපාංගයට දත්ත ලබාදෙන ආලෝකයයි  මෙය DOWNLINK ලෙස හදුන්වයි. මෙම ආලෝකය ආලෝක සංවේදී අනාවරකයක් මත පතිත වූ විට එම අනාවරකය එම ආලෝකය නැවත පෙර තිබු බයිනරි ආකාරයට  පත් කර භාවිතා කරයි.උපාංගයෙන් පිටතට දත්ත යවන්නේද මේ ආකාරයටම වේ.උපාංගයෙන් දත්ත පිටතට නික්මෙන ට්‍රාන්ස්මීටරය හරහා uplinkවීම සිදු වේ.අද වැඩිපුරම භාවිතා කරන වයි-ෆයි තාක්‍ෂණයේ යොදාගන්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ සාමාන්‍ය ආලෝකයේ ශක්තිය පැතිර ඇති කලාපයෙන් දස දහසෙන් පංගුවකි නමුත් සාමාන්‍ය ආලෝකය නිකුත් කරන සංඛයාතය වයි-ෆයි ජාලයකට වඩා  දස දහස් ගුණයකින් වැඩිය ඒ නිසා වයි-ෆයි ජාලයක් පැතිරෙනවාට වඩා වේගයෙන් සහ ඉක්මනින් පැතිරීමයි. 


                                                                 Li-Fi Thechnology


Li-Fi තාක්‍ෂණය යොදාගෙන දත්ත හුවමාරු කලා හැකි වේගය ඉතා වැඩිය එය රදා පවතින්නේ බල්බයේ නිවී දැල්වෙන වෙගග්‍ය මතය මයික්‍රෝ චිපය ආධාරයෙන් LED බල්බය නිවී දැල්වෙන වේගය දශලක්ෂයෙන් පංගුවක් දක්වා අඩු කලා විට තත්පරයකට ගිගා බයිට් 10කට  (10Gbps) වඩා වැඩි වේගයකි.එනම් HD movie එකක් ඩව්න්ලෝඩ් කිරීම් සඳහා ගත වන්නේද තත්පර 30කි.
Li-Fi තාක්‍ෂණය යොදාගෙන උපාංග නිපදවන ලොව ප්‍රදනතම සමගම වන්නේ බ්‍රිතාන්‍යයේ Pure Li-Fi සමාගමයි.


පරිගණකයට සම්බන්ධ කල හැකි Li Fi ඇඩප්ටරය


වීදි සහ පරිසරය ආලෝකමත් කිරීමට භාවිත කරන බල්බ වලින්ම Li-Fi ජාල පිහිටුවිය හැකි නිසා වෙනම වියදමක් අවශ්‍ය නොවන නිසාත් Li-Fi යනු පෙර නොතිබූ ලභාදායිම දත්ත සම්ප්‍රේෂණ තාක්‍ෂණයයි. 


Saturday, October 28, 2017

ලෝකයේ තාක්‍ෂණය




අද වෙනකොට ලෝකය තාක්‍ෂණය අතින් ඉතා ඉහල තැනකට ඇවිත් තාක්‍ෂණය අපේ ජිවිත වලට කොච්චර දුරට බලපානවද කිව්වොත් අද වෙනකොට අපිට නව තාක්‍ෂණය භාවිත නොකර කරන්න පුළුවන් වැඩ තියෙන්නේත්  අතලොස්සක් පමණයි.අපි තාක්‍ෂණය භාවිත කරලා අද වෙනකොට යාළුවොත් එක්ක හැම වෙලාවේම සම්බන්ද වෙලා ඉන්නවා වගේම ගමන් බිමන් යන්න,භාණ්ඩ හා සේවා ලබා ගැනීම වගේ  ගොඩක් දේවල් තාක්‍ෂණයේ පිහිටෙන් සිදු කර ගන්නවා .ඒ වගේමයි තාක්‍ෂණයේ භාවිතයන් නිසා මිනිසුන්ගේ ජිවිත අවුල් උන අවස්ථාත් එමටයි.එකෙන් අදහස් වෙන්නේ තාක්‍ෂණික සොයා ගැනීම් මෙන්ම ඒවගේ භාවිතයන්  සදහාත් විශාල නිදහසක් තියෙනවා කියන එක.මෙන්න මේ නිදහස තමයි මිනුස්සුන්ගේ දියුණුවට වගේම පරිහානියටත් හේතුව වෙලා තියෙන්නේ.

ශ්‍රී ලංකාව තුල නව සොයා ගැනීමක් සිදු කිරීම් යම් තාක්දුරට අඩු උනත් ලොව භාවිතා කරන  තාක්‍ෂණය  සහ තාක්‍ෂණික මෙවලම්  වල භාවිතයේ  නම්  අඩුවක් දකින්න නැ.ගෙදරින් ටිකක් එලියට බැහැල බැලුවොත් ඔයාලා හැමෝටමත්  ඒක දකින්න පුළුවන්.

ඒ  නිසාම මේ තාක්‍ෂණික සොයා ගැනීම් වගේම ඒවගේ භාවිතයන් ගැනත් දැනගෙන ඉන්න එක සහ ඒ පිලිබදව දැනගෙන ඒවා භාවිතා කරන එක අද වෙනකොට අත්‍යාවශ්‍ය කාරණයක් වෙලා ඉවරයි.

ඉතින් අපේ බලාපොරොත්තුවත් අපිත් එක්ක සම්බන්ද වෙලා ඉන්න ඔයාලට තේරෙන සිංහලෙන්ම අද ලෝකයේ භාවිතා කරන තාක්‍ෂණය සහ තාක්‍ෂණික මෙවලම්  ගැන දැනුවත් කරන එක.

ව්‍යාජ WhatsApp පණිවිඩ

WhatsApp පාවිච්චි කරන ගොඩක් අයට ගිය සතියේ වගේම මේ සතියෙත් ආපු අපුරු  massage එකක් තමයි සිංගප්පූරු ගුවන් සමගම ඔවුන්ගේ 45වන සංවත්සරය නිමිති ක...

Popular Posta