WhatsApp පාවිච්චි කරන ගොඩක් අයට ගිය සතියේ වගේම මේ සතියෙත් ආපු අපුරු massage එකක් තමයි සිංගප්පූරු ගුවන් සමගම ඔවුන්ගේ 45වන සංවත්සරය නිමිති කරගෙන නොමිලේ ලබාදෙන පළමු පන්තියේ ගුවන් ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට web අඩවි ලිපිනයක් සඳහන් කරමින් එයට පිවිසෙන ලෙස පැතිර ගිය පණිවිඩය.
මේ පණිවිඩය ඇත්තක්ද?
මේ දැක්වෙන්නේ අදාළ WhatsApp පණිවිඩයේ සඳහන් web ලිපිනයෙන් පිවිසෙන විට හා සිංගප්පූරු ගුවන් සමගමේ නිල web අඩවියට පිවිසෙන විට ඊට අදාලව ලබාගත් Scrceen Shot දෙක පැහැදිලිව බැලුවොත් ඔබට පෙනේවි එම web ලිපින අතර ඇති වෙනස,
ව්‍යාජ web අවවිය නිල web අවවිය
ඊට අමතරව,
නිල web ලිපිනය https://www.singaporeair.com/ ලෙසත්
ව්‍යාජ web ලිපිනය http://www.singaporealr.com/
ලෙසටත් සටහන් වන බව.
ව්‍යාජ web අවවිය නිර්මාණය කලා තැනැත්තා web අඩවියට අදාලව ලබා ගන්න Domain name එකේ වෙනස් කර ඇත්තේ "air" වචනයේ " i " වෙනුවට " l " අකුර යෙදීම සහ එම ව්‍යාජ web අඩවිය සිංගප්පූරු ගුවන් සමගමේ නිල web පිටුවට සමාන ආකාරයට නිර්මාණය කිරීමයි.ඒ නිසා වෙනස පැහැදිලිව හදුනා ගැනීමටත් අපහසුයි.ඒ නිසා මේ පණිවිඩය ලැබුන ගොඩක් අය ඒ web අඩවියට පිවිසුනා සහ අහන ප්‍රශ්න වලට පිළිතුරු දීල නැවත වරක් ඒ පණිවිඩය WhatsApp හරහා මුදා හැරියා.නමුත් ඔබට කිසිම ගුවන් ගමන් ටිකට්පතක් නම් ලැබෙන්නේ නැ.
මේ ලෙසට අපේ WhatsApp ගිණුමට ලැබෙන web ලිපින හා සම්බන්ද පණිවිඩ ඇත්ත පණිවිඩද කියන එක දැනගන්න එක ගොඩක් ලොකු අමාරු කාරණයක් නම් නෙවෙයි.ගොඩක් වෙලාවට මේවගේ පණිවිඩ අපිට එවන්නේ අපිට විශ්වාස කරන්න බැරි දිනුම් ඇදීමක් නැත්නම් ත්‍යාගක් ගැන කියල ගොඩක් වෙලාවට අපි සම්බන්ද වෙලා ඉන්න group චැට් එකකින් නැත්නම් අපි නොදන්නා WhatsApp ගිණුමකින්.
නොදන්න WhatsApp ගිණුමක්
මේ එවන web ලිපිනයන් වල ආරම්භය https://......ලෙස සදහන් වෙලා නැ.මතක තියාගන්න ඕනි කාරණය තමයි එවන් web ලිපින වලින් web අඩවි වලට පිවිසෙන විට ඔබ ආරක්‍ෂිත නැහැ කියන එක මෙලෙස ව්‍යාජ web අඩවි නිර්මාණය කිරීමෙන් අපේක්ෂා කරන දේත් පැහැදිලි නැ!!!!
ආරක්‍ෂිත පිවිසුමක් අනාරක්‍ෂිත පිවිසුමක්
ඒ වගේමයි කාලෙන් කාලෙට මේ වගේ WhatsApp පණිවිඩ අපි හැමෝටම එනවා හොදම දේ මොනවා දෙනවා කිව්වත් මේ web අඩවි වලට පිවිසෙන්නේ නැතුව ඉන්න එක.....





