Monday, November 6, 2017

ව්‍යාජ WhatsApp පණිවිඩ

WhatsApp පාවිච්චි කරන ගොඩක් අයට ගිය සතියේ වගේම මේ සතියෙත් ආපු අපුරු  massage එකක් තමයි සිංගප්පූරු ගුවන් සමගම ඔවුන්ගේ 45වන සංවත්සරය නිමිති කරගෙන නොමිලේ  ලබාදෙන  පළමු පන්තියේ ගුවන් ප්‍රවේශපත්‍ර  ලබා ගැනීමට web අඩවි ලිපිනයක් සඳහන් කරමින් එයට  පිවිසෙන ලෙස පැතිර ගිය පණිවිඩය. 



මේ පණිවිඩය ඇත්තක්ද?

මේ දැක්වෙන්නේ අදාළ WhatsApp පණිවිඩයේ සඳහන් web ලිපිනයෙන් පිවිසෙන විට හා සිංගප්පූරු ගුවන් සමගමේ  නිල web අඩවියට පිවිසෙන විට ඊට අදාලව ලබාගත්  Scrceen Shot දෙක පැහැදිලිව බැලුවොත් ඔබට පෙනේවි එම web ලිපින අතර ඇති වෙනස, 

                       
ව්‍යාජ web අවවිය                                                     නිල web අවවිය


ඊට අමතරව, 
නිල web ලිපිනය       https://www.singaporeair.com/     ලෙසත් 

ව්‍යාජ web ලිපිනය    http://www.singaporealr.com/  

ලෙසටත් සටහන් වන බව. 

ව්‍යාජ web අවවිය නිර්මාණය කලා තැනැත්තා web අඩවියට අදාලව ලබා ගන්න Domain name එකේ වෙනස් කර ඇත්තේ "air"  වචනයේ   " i " වෙනුවට " l " අකුර යෙදීම සහ එම ව්‍යාජ web අඩවිය සිංගප්පූරු ගුවන් සමගමේ නිල web පිටුවට සමාන ආකාරයට නිර්මාණය කිරීමයි.ඒ නිසා වෙනස පැහැදිලිව හදුනා ගැනීමටත් අපහසුයි.ඒ නිසා මේ පණිවිඩය ලැබුන ගොඩක් අය ඒ web අඩවියට පිවිසුනා සහ අහන ප්‍රශ්න වලට පිළිතුරු දීල නැවත වරක් ඒ පණිවිඩය WhatsApp හරහා මුදා හැරියා.නමුත් ඔබට කිසිම ගුවන් ගමන් ටිකට්පතක් නම් ලැබෙන්නේ නැ.

මේ ලෙසට අපේ WhatsApp ගිණුමට ලැබෙන web ලිපින හා සම්බන්ද පණිවිඩ ඇත්ත පණිවිඩද  කියන එක දැනගන්න එක ගොඩක් ලොකු අමාරු කාරණයක් නම් නෙවෙයි.ගොඩක් වෙලාවට මේවගේ පණිවිඩ අපිට එවන්නේ අපිට විශ්වාස කරන්න බැරි දිනුම් ඇදීමක් නැත්නම් ත්‍යාගක් ගැන කියල ගොඩක් වෙලාවට අපි සම්බන්ද වෙලා ඉන්න group චැට් එකකින් නැත්නම්  අපි නොදන්නා  WhatsApp ගිණුමකින්. 

                                                        නොදන්න WhatsApp ගිණුමක් 

මේ එවන web ලිපිනයන් වල ආරම්භය https://......ලෙස සදහන් වෙලා නැ.මතක තියාගන්න ඕනි කාරණය තමයි එවන් web ලිපින වලින් web අඩවි වලට  පිවිසෙන විට ඔබ ආරක්‍ෂිත නැහැ කියන එක මෙලෙස ව්‍යාජ web අඩවි නිර්මාණය කිරීමෙන් අපේක්ෂා කරන දේත්  පැහැදිලි නැ!!!!

                
                             ආරක්‍ෂිත පිවිසුමක්                                  අනාරක්‍ෂිත පිවිසුමක්

ඒ වගේමයි කාලෙන් කාලෙට මේ වගේ WhatsApp පණිවිඩ අපි හැමෝටම එනවා හොදම දේ මොනවා දෙනවා කිව්වත් මේ web අඩවි වලට පිවිසෙන්නේ නැතුව ඉන්න එක..... 


Friday, November 3, 2017

බ්ලුටූත් තාක්‍ෂණය - Bluetooth



අපි අද භාවිතා කරන සෑම ඩිජිටල් උපකරනයකම පාහේ බ්ලුටූත් පහසුකම ඇත ඊට ප්‍රධානතම හේතුව වන්නේ ඕනෑම උපකරණ දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකම වේලාවකදී එකිනෙකට අතර කිසිම පටලැවිල්ලක් නැතිව පහසුවෙන් දත්ත හුවමාරු කර ගැනීමට ඇති හැකියාවයි. බ්ලුටූත් පහසුකම තියෙන ඕනිම උපාංගයක්  භාවිත කරන ඔයාලත්  මේ පහසුකම  අත්විද  ඇතුවාට කිසිම සැකයක් නැ.ඒ තරමටම  බ්ලුටූත් තාක්‍ෂණය අපට හුරුපුරුදු දෙයක් බවට පත් වෙලා  අවසානයි.


එතරම් පහසුවෙන් වැඩ ගත හැකි මේ  බ්ලුටූත්  තාක්‍ෂණය හොයා ගත්තේ කව්ද?බ්ලුටූත් කියන නම ලැබුනේ කොහොමද කියලා  අපි කලින් ලිපියකින් කතා කලා ඒ ලිපිය කියෙව්වේ නැත්තම්,
                                                                   මෙතනින් ගිහින්  
ඒ ලිපිය කියවලා අවොත් ඔයාලට පහසුවක් වෙයි.


මේ ලිපියෙන් බ්ලුටූත් තාක්‍ෂණයේ තාක්‍ෂණික පසුබිම වගේම මේ තාක්‍ෂණය නියාමනය වෙන ආකාරය  පිළිබද විස්තර කරන්නම්.  මේ ලිපිය දිගටම කියවන එක නම් ඔයාලට වටිනා  දෙයක් වෙයි.

බ්ලුටූත් තාක්‍ෂණය ඊට පෙර භාවිතා කළ රැහැන් රහිත කෙටිදුර දත්ත සම්ප්‍රේෂණයට භාවිතා කල IR තාක්‍ෂණය වගේ නෙවෙයි දත්ත හුවමාරුවේදී රේඛිය එනම් උපාංග දෙක හරි කෙලින් පිහිටුවීමේ අවශ්‍යතාවයක් නැහැ. උපාංග දෙක තියෙන්නේ බ්ලුටූත් සන්නිවේදනය පැතිර පවතින සීමාවේ නම් උපාංග දෙක අතර කොන්ක්‍රීට් බාධකයක් තිබුනත් ගැටළුවක් ඇති වන්නේ නැහැ. බ්ලුටූත් සන්නිවේදන පැතිර පවතින ප්‍රදේශය මීටර 100ක් පමණ වන අතර මීටර 60ක් තරමේ දුරක් සාර්ථකව දත්ත සම්ප්‍රේෂණය කල පුළුවන්. බ්ලුටූත් සන්නිවේදනය සදහා යොදාගන්නේ අඩුබල රේඩියෝ තරංගයි. එය ගිගා හර්ට්ස් 2.402 සිට  ගිගා හර්ට්ස් 2.480 ක (2.402GHz -2.480GHz) සංඛයාතයක්  ඇති රේඩියෝ තරංග පරාසය යොදා ගනී. බ්ලුටූත් තාක්‍ෂණය යොදාගෙන දත්ත හුවමාරු වන වේගය, භාවිත කරන බ්ලුටූත් සංස්කරණය අනුව වෙනස් වෙනවා .අද වන විට බ්ලුටූත් වල 5 වන තාක්‍ෂණික මදිලියත් එළිදක්වා අවසන්. 2010 ජුනි 30 වෙනිදා එලි දැක්වූ bluetooth 4.0 තාක්‍ෂණික ප්‍රමිතියේදී low energy (LE) තාක්‍ෂණය එක් කල ඇති දැන් බ්ලුටූත් තාක්‍ෂණය බ්ලුටූත් ස්මාර්ට් ලෙස හදුන්වයි.බ්ලුටූත් මගින් දත්ත හුවමාරු කරන විට අනෙකුත් උපාංග වල දත්ත සම්ප්‍රේෂණයට බාධා ඇති නොවීමට භාවිත කරනු ලබන්නේ මිලි වොට් 1 ක (1mW) තරමේ කුඩා සංඥා ය මීට අමතරව බ්ලුටූත් වලදී තවත් උපක්‍රමයක් භාවිතා කරයි.බ්ලුටූත් උපාංගය ක්‍රියාත්මක කල විට එය අහඹු ලෙස තෝරාගත් සංක්‍යාත 79කට එකින් එක වෙනස් වෙමින් ක්‍රියාත්මක වේ,මෙය ඉතා වේගයෙන් සිදු වේ කෙතරම් වෙගවත්දයි කිවහොත් තත්පරයකට 1600 වතාවක් සංක්‍යාතය මාරු කරගැනී ඒ නිසා වෙනත් උපකරණයකට බාධා විය හැකි වෙලාවක් මෙම බුලුටූත් තරංග පවතින්නේ නැත බාධා උනත් එය අපට දැනෙන්නේ ද නැත.දුර්වල රේඩියෝ තරංග යොදා ගන්නා නිසා බ්ලුටූත් තාක්‍ෂණය ක්‍රියාත්මක වන ස්ථානයක සිටින පුද්ගලයෙකුට බ්ලුටූත් මගින් දත්ත සම්ප්‍රේෂණයෙදී ගොඩ නැගෙන රෙඩියෝ තරංග ජාලය මගින්  ඔහුගේ සෞඛ්‍යයට හානියක් නොවන බව කියයි.

බ්ලුටූත් තාක්‍ෂණයටත් අනෙක් තාක්‍ෂණයන්ට වගේම ජාත්‍යන්තර ප්‍රමිතිකරණයක් පවතිනවා. එම ප්‍රමිතිකරණය  නියාමනය කරන්නේ ඇමෙරිකාවේ ඉලෙක්ට්‍රිකල් සහ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු ආයතනය (IEEE) මගිනි. එත්  බ්ලුටූත් තාක්‍ෂණික සංස්කරණ හදුන්වා දෙන්නේ බ්ලුටූත් Special Interest Group (SIG)  ආයතනය විසිනි එය අරමුදල් වලින් යැපෙන ලාභ නොලබන ආයතනයක් මේ ආයතනය පිහිටුවන්නේ 1998 සැප්තැම්බර් මාසයේ දී  .බ්ලුටූත් තාක්ෂණයේ කෙරෙන වෙනස්කම් වල අවසන් තීරණ ගනු ලබන්නේ මේ ආයතනයයි. SIG මුලස්ථානය වොෂින්ටන් වල පිහිටා ඇත. මේ SIG ආයතනය බ්ලුටූත් තාක්ෂණයට අදාලව කිසිම නිෂ්පාදනයක් හෝ කිසිදු ප්‍රවර්දන කටයුත්තක් සිදු නොකරන අතර බ්ලුටූත් තාක්ෂණය යොදාගෙන උපාංග නිෂ්පාදනය කරන සමාගම් 20 000 කට වැඩි ගනනකට සමාජිකත්වක් ලබා දී ඔවුන් නිෂ්පාදනය කරන උපාංග සහ දියුණු කරන තාක්‍ෂණය නියමිත ප්‍රමිතියට පවත්වාගෙන යාම මෙහෙයවනවා . බ්ලුටූත්  නිෂ්පාදන වල අයිතිය SIG සමාගමට නැති වුවත් බ්ලුටූත් වෙළඳ සලකුණු වල හිමිකාරීත්වය තියෙන්නේ  SIG සමාගමට. කිසියම්  සමාගමකට බ්ලුටූත් තාක්‍ෂණය තමන්ගේ නිෂ්පාදනයකට එකතු කරන්න  අවශ්‍ය නම් SIG හි සාමාජිකත්වය ගැනීම අනිවාර්යය වේ.මෙහි සාමාජිකත්වය 
  • Promoter Member
  • Associate Member
  • Adopter Member
  • individuals 
  • Universities ලෙස වේ.

මේ සමාගමේ ආරම්භක සාමාජිකයන් උනේ එරික්සන්, IBM , ඉන්ටෙල්, ටොෂිබා සහ නොකියා කියන ජාත්‍යන්තර  සමාගම් මේ සමාගම් වලට හිමිවෙන්නේ Promoter Member කියන සාමාජිකත්වය 1999 දී microsoft සමාගමත්, 2005 දී Lonovo සමාගමත් 2015 දී Apple සමාගමත් SIG හි Promoter Member සාමාජිකත්වය ලබාගන්නවා.මේ සම්මාගම් තමයි බ්ලුටූත් තාක්ෂණයේ උපාය මාර්ග හා තාක්‍ෂණික දිශාවන් කෙරෙහි  වඩාත්ම වැඩි ක්‍රියාකාරී සාමාජිකයන් වෙන්නේ. 

2006 සිට Associate සාමජිකත්වය දරණ සමාගම් වලින් එම සමාගම් වල අදායම අනුව වාර්ෂික ගාස්තුවක් අයකිරීම ආරම්භ කරනවා.වාර්ෂික අදායම ඩොලර් මිලියන 100 ඉක්මවන සමාගම් වලින් ඩොලර් 35 000 ක මුදලකුත්  වාර්ෂික අදායම ඩොලර් මිලියන 100 නොඉක්මවන සමාගම් වලින් ඩොලර් 7 500 කුත් වශයෙන් ලබාගෙන බ්ලුටූත් අනුවාදන (සංස්කරණ)  0.5 සහ 0.7  වලට ඉක්මනින් ප්‍රවේශය අරගෙන ඒ අනුවාදන අඩංගු නිෂ්පාදන එළිදක්වන්න  අවස්ථාව වගේම අනෙකුත් සමාගම් සමගත් ඉහත සඳහන් Promoter සමාගම් සමග එක්ව පවතින උපාංග වැඩිදියුණු කරන්න අවස්ථාවත් වැඩිදියුණු කල උපාංග අලෙවි කිරීමටත් නිෂ්පාදන සුදුසුකම් ලබන භාණ්ඩ වලින් වට්ටම් ලැබීමත්  UnPl ugFest (UPF) testing සහ SIG events වලට සහභාගී වීමේ අවස්ථාවත් ලබා දෙනවා. 

Adopter සාමාජිකයන්ට ගාස්තුවක් අය නොකරන අතර බ්ලුටූත් රැහැන් රහිත තාක්‍ෂණික මෙවලම් හා බ්ලුටූත් වෙළඳ සලකුණු යොදාගෙන නිෂ්පාදන එළිදැක්වීමට පමණක්  හැකියාව ලබාදෙනවා.තනි පුද්ගලයන් සඳහා සාමජිකත්වය  ලබා දීම දැනට විවෘත නැත . විශ්ව විද්‍යාල හා පාසල් සදහාද සමජිකත්වයන් ලබාගත හැකිය.

අද වන විට ලොව ජංගම ඉලෙක්ට්‍රොනික උපකරණ වල  වැඩි වශයෙන්ම  භාවිත වන තාක්‍ෂණය බවට බ්ලුටූත් පත්ව තිබෙන්නේ නොමිලේ භාවිත කල හැකි වීමත් , රැහැන් රහිතව අඩු බලශක්තියක් යොදාගෙන  ක්‍රියාත්මක කරවීමට ඇති හැකියාවත්, එකවර උපාංග ගණනාවක් සම්බන්ද කල හැකිවීමත් , භාවිතය පහසු වීමත්, විශාල පරාසයක පැතිරුණු විවිධ මාදිලියේ උපාංග සමඟ පහසුවෙන් භාවිතා කල හැකිවීමත්, දත්ත හුවමාරු වීම පාලනය කල හැකිවීමත් ,සිටින ස්ථානය අවට සන්නිවේදන ජාලය ගොඩනැංවිය හැකි නිසාත් බ්ලුටූත් තාක්‍ෂණය ඉතාමත්ම ජනප්‍රියය. ඒවගේම හැකිං ප්‍රහාර එල්ල වීම , ජාලය පැතිර පවතින දුරප්‍රමාණය අඩු වීම, විශාල දත්ත ප්‍රමාණ හුවමාරුවේදී වැඩි කාලයක් ගත වීම යන කරුණු නිසා නව නිර්මාණ කරුවන් මීට වඩා හොද රැහැන් රහිත සන්නිවේදන තාක්‍ෂණයක් සොයමින් සිටී.   







Thursday, November 2, 2017

බ්ලුටූත් තාක්‍ෂණයේ උපත සහ බ්ලුටූත් ලෙස නම ලැබීම - Bluetooth

බ්ලුටූත් තාක්‍ෂණයේ පහසුව ඔබ අපි සෑම දෙනාම වර්තමානයේදීත් අත්විදින අද්විතීය සොයා ගැනීමක් මේ කෙටි සටහන බ්ලුටූත් තාක්‍ෂණයේ උපත පිළිබඳවයි.


බ්ලුටූත් තාක්‍ෂණය සොයා ගන්නේ මීට අවුරුදු 23 කට කලින් ඒ 1994 දී එවකට Ericsson සමාගමට වැඩ කල ආචාර්ය ජෑප් හාට්සන් UHF රේඩියෝ තරංග ඇසුරින් කෙටි දුරකට දත්ත හුවමාරු කිරීමේ තාක්‍ෂණය සොයා ගැනීමත් සමගයි.

ආචාර්ය ජෑප් හාට්සන්
 

උපාංග ගණනාවක් එකතු කරගෙන එක ලෙස වැඩ කල හැකි වූ නිසා මෙය අද්විතීය සොයා ගැනීමක් විය.ඒ කාලය වන විට කිසිදු රැහැන් රහිත සන්නිවේදන ක්‍රමවේදයකට මේ තරම් පහසුවෙන් උපාංග ගණනාවක් එක ලෙස පසසුවෙන් සම්බන්ද කිරීමේ හැකියාව නොතිබුණි.

සොයා ගත් මුල් අවධියේදී MC හෙවත් Multi Communicator link කියා හැඳින්වූ මේ තාක්‍ෂණයට බ්ලුටූත් යන නම යොදන්නේ ඵෙතිහාසික සිදියක් පසුබිම් කරගෙනයි.1994 දී මේ තාක්‍ෂණය සොයා ගන්නේ Sweden වල Lund හි පිහිටි Ericsson පර්යේෂණාගාරයේ සිටයි. වර්ෂ 958 දී ඩෙන්මාර්කයේ හෙරල්ඩ් බ්ලුටූත් නම් රජෙක් සිටියේය ඔහු ඩෙන්මාර්ක හා නොර්වේ රටෙන් කොටසක් පාලනය කළේය.ඔහු ඩෙන්මාර්කයේ සතුරුව සිටි ගෝත්‍රික කණ්ඩායම් රාශියක් එක්සත් කළේය ගෝත්‍රිකන් එක්සත් වූ ප්‍රදේශයේ පර්යේෂණාගාරය පිහිටා තිබීමත් ගෝත්‍රිකයන එක්සත් කලේ හෙරල්ඩ් බ්ලුටූත් රජු නිසාත් ආචාර්ය ජෑප් හාට්සන් සොයා ගත් Multi Communicator link තාක්‍ෂණය මගින් එක්ව ගනුදෙනු කල නොහැකිව තිබු උපාංග ගණනාවක් සමගිව වැඩ කරන්නට එක්කිරීමට හැකි වූ නිසාත් මෙම නව තාක්‍ෂණය බ්ලුටූත් කියා නම් කළේය.



බ්ලුටූත් තාක්‍ෂණය ගැන  ලිපිය කියවන්න   මෙතනින්  යන්න

ව්‍යාජ WhatsApp පණිවිඩ

WhatsApp පාවිච්චි කරන ගොඩක් අයට ගිය සතියේ වගේම මේ සතියෙත් ආපු අපුරු  massage එකක් තමයි සිංගප්පූරු ගුවන් සමගම ඔවුන්ගේ 45වන සංවත්සරය නිමිති ක...

Popular Posta