
අද වෙනකොට ලෝකය තාක්‍ෂණය අතින් ඉතා ඉහල තැනකට ඇවිත් තාක්‍ෂණය අපේ ජිවිත වලට කොච්චර දුරට බලපානවද කිව්වොත් අද වෙනකොට අපිට නව තාක්‍ෂණය භාවිත නොකර කරන්න පුළුවන් වැඩ තියෙන්නේත් අතලොස්සක් පමණයි.අපි තාක්‍ෂණය භාවිත කරලා අද වෙනකොට යාළුවොත් එක්ක හැම වෙලාවේම සම්බන්ද වෙලා ඉන්නවා වගේම ගමන් බිමන් යන්න,භාණ්ඩ හා සේවා ලබා ගැනීම වගේ ගොඩක් දේවල් තාක්‍ෂණයේ පිහිටෙන් සිදු කර ගන්නවා .ඒ වගේමයි තාක්‍ෂණයේ භාවිතයන් නිසා මිනිසුන්ගේ ජිවිත අවුල් උන අවස්ථාත් එමටයි.එකෙන් අදහස් වෙන්නේ තාක්‍ෂණික සොයා ගැනීම් මෙන්ම ඒවගේ භාවිතයන් සදහාත් විශාල නිදහසක් තියෙනවා කියන එක.මෙන්න මේ නිදහස තමයි මිනුස්සුන්ගේ දියුණුවට වගේම පරිහානියටත් හේතුව වෙලා තියෙන්නේ.
ශ්‍රී ලංකාව තුල නව සොයා ගැනීමක් සිදු කිරීම් යම් තාක්දුරට අඩු උනත් ලොව භාවිතා කරන තාක්‍ෂණය සහ තාක්‍ෂණික මෙවලම් වල භාවිතයේ නම් අඩුවක් දකින්න නැ.ගෙදරින් ටිකක් එලියට බැහැල බැලුවොත් ඔයාලා හැමෝටමත් ඒක දකින්න පුළුවන්.
ඒ නිසාම මේ තාක්‍ෂණික සොයා ගැනීම් වගේම ඒවගේ භාවිතයන් ගැනත් දැනගෙන ඉන්න එක සහ ඒ පිලිබදව දැනගෙන ඒවා භාවිතා කරන එක අද වෙනකොට අත්‍යාවශ්‍ය කාරණයක් වෙලා ඉවරයි.
ඉතින් අපේ බලාපොරොත්තුවත් අපිත් එක්ක සම්බන්ද වෙලා ඉන්න ඔයාලට තේරෙන සිංහලෙන්ම අද ලෝකයේ භාවිතා කරන තාක්‍ෂණය සහ තාක්‍ෂණික මෙවලම් ගැන දැනුවත් කරන එක.
No comments:
Post a Comment